(රංජන් කස්තුරි)
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්කරුවන් 717,008 දෙනෙකු පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පාසල් අයදුම්කරුවන් 433,050 ක් පෞද්ගලික අයදුම්කරුවන් 283,958 ක් ලෙස එම අයදුම්කරුවන් විභාගයට පෙනී සිටින බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනපුරා විභාග මධ්‍යස්ථාන 4987 කදී එම විභාගය පැවැත්වේ.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ දී විශේෂ විභාග මධ්‍යස්ථාන කීපයක් පැවැත්වෙන අතර රත්මනලාන, තංගල්ල, මාතර, හලාවත, කොළඹ මැගසින් බන්ධනාගාරය, මහරගම අපේක්ෂා රෝහල, වටරැක සුනීත විද්‍යාලය, නේපාලයේ කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එම විශේෂ විභාග මධ්‍යස්ථාන වේ.

