ස්ලාඩාර්’ 1000 මෝටර් රථ රැලියේ ශූරයා සමින්


ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය සංවිධානය කළ ‘සියැට් - ස්ලාඩාර්’ 1000 මෝටර් රථ රැුලියේ (දිවා/රාත‍්‍රී) සමස්ත ශූරතාව දිනා ගැනීමට ප‍්‍රවීණ රැළි ධාවන ශූර සමින් අත්තනායක සහ සහයක රියැදුරු රහල් උලූවිට සමත්වුහ. සමීන් අත්තනායක වසර 15 ක පමණ මෝටර් රථ රැලි ධාවනයේ අත්දැකීම් තිබෙන රියැදුරෙකි. යං සදර්න් මෝටර් රථ ක‍්‍රීඩා සමාජයේ සභාපතිවරයා වන රහල් උලූවිට පසුගිය වසරේ මෙන්ම මෙම වසරේදී සදර්න් මෝසම් රැලියේ ශූරතාව දිනාගත් ධාවකයාය. රැලියේදී සදර්න් මෝටර් රථ ධාවකයන්ගේ ක‍්‍රීඩා සමාජය නියෝජනය කළ සදර්න් වයිබ්ස් පිල දස්කම් දැක්වීය. වර්ණ ආරියදාස සහ නාලක ගුණවර්ධන (සහායක) අනුශූරතාව හිමිකර ගත් අතර නොයෙල් රොද්‍රිගෝ සහ ඇන්ඩි‍්‍රස් ක්ලෝස් (සහයක) තෙවැනි ස්ථානය ලැබුහ. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව ඉදිරිපිටින් ඇරැඹි රැලිය අදියර හතරකින් ක‍්‍රියාත්මක විය. ප‍්‍රවීණ රැලි ධාවන ශූර අෂ්හාර් හමීම් සහ රියැදුරු සහයක රෂ්මින් රාසික් අදියර දෙකක්ම ජය ගැනීමට සමත්වුහ. කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා වු පළමු අදියර සහ ඇඹිලිපිටිය සිට බණ්ඩාරවෙල දක්වා දෙවැනි අදියර ද හමීම් සහ රෂ්මින් ජය ලැබුහ. තුන්වැනි සහ සිවුවැනි අදියර දෙකේම රැලි මාපකයේ සහ වාහනයේ වේග මාපකයේ දෝෂ ඇතිවීම හේතුවෙන් ඉතා පහසුවෙන් ලබාගත හැකිව තිබූ ජයක් හමීම් සහ රෂ්මින් වෙතින් ගිළිහී ගියහ. තරගාවලියේ තුන්වැනි අදියර බණ්ඩාරවෙලින් ආරම්භ කරන්නට ටික වේලාවට පෙරම අපට පෙනී ගියා රැුලි මාපකයේ සහ වේග මාපකයේ දෝෂ තිබුණ බව. අපේ තාක්‍ෂණික සහයකයන් දැඩි උත්සාහයක් ගත්තත් එය හදාගන්න බැරි වුණා” තුන්වැනි අදියර ආරම්භ කරන්න විනාඩි 10 තිබුණේ. අවසානයේදී රැලි මාපකය නොමැතිව හෝ, හැකි ආකාරයෙන් තරගයට ඉදිරිපත් වෙන්න අප තීරණය කළා” යයිද හමීම් පැවසීය. රැලි මාපකයක් නොතිබීම නිසා උපක‍්‍රමයක් වශයෙන් වෙනත් තරග කරුවකු පසුපස යාමට උත්සාහ ගැනීමත්, පසුව වෙනත් තරගකරුවකු අනතුරකට මුහුණ දීම නිසා තරගය පැයක පමණ කාලයකට අත්හිටුවීමත් නිසා අවාසි රැසකට මුහුණ දෙමින් තරගය අවසන් කළ නමුත් තරගය අවසන් වන විට ඔවුන්ට හිමිවූයේ 9 වැනි ස්ථානයයි. ශී‍්‍ර ලංකාවේ දීර්ඝතම මෝටර් රථ රැුළිය වන ‘ස්ලාඩාර් 1000’ කිලෝ මීටර 1000 ක දුරකින් යුක්තයි. මෙම රැලියට දිවයිනේ නමගිය මෝටර් රථ ධාවකයෝ 26 දෙනෙක් (සහායකත් සමග) සහභාගිවුහ. අවසන් වරට මෙම රැලිය පැවැති 2007 වසරේදී ශූරයා වූයේ අෂ්හාර් හමීම්ය. තරග නිලධාරියකු වාහනයක් පරීක්‍ෂා කරමින් අශාර් හමීම්ගේ පැජරෝ රිය දිය බාධකයක් හරහා යමින්