සහල් වංචා කළ අයකු ගිනි අවි සමග මාට්ටු


(ඉන්දිකා  රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සහල් නිෂ්පාදකයන්ගෙන්  සහල් ලබාගෙන  අගරු චෙක්පත් දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කර සැකකරුවකු  මිනුවන්ගොඩ කෙසෙල් කොටුව ප්‍රදේශයේ දී ගිනි අවි තුනක් ඇතුළු භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරු මත විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මෙහෙයුම් ඒකක(1)  සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ නිවස පරික්ෂා කිරීමේදී   බෝර 12  වර්ගය ගිනි අවියක්, පිස්තෝල දෙකක්,කඩුවක් සොයාගත් බව කාර්ය බලකාය පවසයි.

සැකකරු මීගමුව ප්‍රදේශය පදිංචි 36 පුද්ගලයකු වන අතර මුදල  වංචා කිරීම් සම්බන්ධයෙන් නඩු 15 සැකකරුට එරෙහිව අධිකරණ රැසක නඩු විභාග වන බව ද විශේෂ කාර්ය බළකාය පවසයි.

සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා මිනුවන්ගොඩ පොලිසියට පොලීසියට බාර දී ඇත.