(විමුක්ති එස් රුද්‍රිගු)
චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන යුවාන් මිලියන 500 ක ප්‍රදානය යටතේ ලබාදීමට නියමිත සහල් තොගය කාණ්ඩ 6 ක් යටතේ ලබා දීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
එම සහල් තොගයේ පළමු සහ දෙවැනි කාණ්ඩ එළඹෙන 25 වැනිදා සහ 30 වැනිදා කොළඹ වරායට පැමිණීමට නියමිත බවත් එම කාණ්ඩ දෙක යටතේ ලබා දෙන සහල් මෙට්‍රික් ටොන් 10,000 ක ප්‍රමාණය 'පාසල් ආහාර වැඩසටහන' යටතේ ශ්‍රී ලංකාව පුරා සිටින දරු දැරියන්ට ලබා දෙන බවත් චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.