සහල් ගැන ඇමතිගෙන් සහතිකයක්


(අංජුල මහික වීරරත්න)

ඉදිරියේදී සහල් මිල තව අඩු වීමට හැකියාව තිබෙන බව කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

වවුනියාව, මුලතිව්, අම්පාර වැනි ප්‍රදේශවල වී අස්වනු නෙලමින් සිටින අතර එම වී සහ සහල් ඉදිරියේදී වෙළඳපොලට පැමිණීමට නියමිත බව අමාත්‍යවරයා කීය.

මෙි වන විට  වී මිලත් අවම වෙමින් තිබෙන අතර යල කන්නයේ වී මිලදී ගැනීමට සූදානම් වන ලෙස වී අලෙවි මණ්ඩලයට උපදෙස් දුන් බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.  ඉදිරි කාලයේ  රටේ සහල් හිඟයක් ඇති වෙන්නේ නැති බවද අමාත්‍යවරයා පැවසීය.

වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී තොග උපයෝගී කර ගනිමින් නිෂ්පාදනය කරන ලද "PMB Rice" සහල් අලෙවිසැල කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද (27) විවෘත කරමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මෙි බව කීය.

මිල්කෝ සමාගමේ නිෂ්පාදන අලෙවිසැලක් ද, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ පොල්, පොල්තෙල්, කිරි ඇතුළු නිෂ්පාදන ජංගම අලෙවිසැල ද එම පරිශ්‍රයේදීම මෙදින විවෘත කෙරිණි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර, වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස්, මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා යන මහත්වරු ද මීට සහභාගී වූහ.