සහල් කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිලක්


(ඩයනා උදයංගනී සහ රංජන් කස්තුරි)
 
සහල් කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව නාඩු සහල් කිලෝවක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 98 ක් ද සම්බා සහල් කිලෝවක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 99 ක් ලෙස ද නියම කර තිබේ. 
 
රජයේ සම කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.