දඹුල්ල ජුජා භූමී ඉවත් කැරෙන පිරිස් ඒ පිළිබදව සංදේශයක් බාර දීමට දඹුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ගිය අවස්තාවේදී දඹුල්ල ප්‍රාදේශිය සහකාර ලේකම් එස් ඩී මොරවක මහත්මිය එය වාර්තා කරමින් සිටි දඹුල්ල ප්‍රාදේශිය මාධ්‍යවේදී තිලක විජේසුරීයගේ පටි ගත කිරීමේ යන්ත්‍රය උදුරාගෙන එහි අන්තර්ගත මකා දමද්දී ඇගේ ඇගේ කාර්යාල කාර්ය සේවකයකු ඔහුගේ කැමරාව පොළොවේ ගසා ඔහුටද පහර දී ඇතැයි දඹුල්ල පොලීසියට පැමිණිලි කැර ඇත.
මාධ්‍යවේදියා රෝහල්ගත කරනු ලැබ සිටිති.
මේ සම්බන්ධයෙන් මාතලේ දිසාපතිනි හෙලන් මීගස්මුල්ල මහත්මියටද පැමිණිලි කැර ඇත.
පටිගත කිරීමේ යන්ත්‍රයට හා කැමරාවට සිදු අලාභ එම දෙදෙනාගෙන් අය කර දෙන ලෙස එම සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.