සල්ලාලයාට ඇප


බේරුවල විවාහක කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ පහක කප්පම් කෑ බව කියන විවාහකයකු රුපියල් දෙලක්ෂයක ශරීර ඇප දෙකක් හා දැඩි කොන්දේසි මත මුදා හළ කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය සාක්කිකරුවනට බලපෑම් නොකරන ලෙස තරයේ අවවාද කළාය.

විවාහක කතගේ සැමියා ගැහැනියක සමග හෝටලයක සිටිතියි කියමින් ඇය හෝටලයකට රැගෙන ගොස් ඇගේ පින්තූර ගෙන වරින් වර ඇයගෙන් රුපියල් ලක්ෂ පහමාරක් මුදල් ද ලබාගෙන ඇයගෙන අයුතු ප්‍රයෝජන ද ගත් බව කියන බේරුවල වලතර එම් ඒ නන්දන ප්‍රසන්න (42) එම පුද්ගලයාය.