ගිය වසරේ ඔක්තෝබරයේ සෞදි අරාබියේ රියාද් නගරයේ රැකියාවට ගිය සෙවනගල කොවුල්ආරේ තිදරු මවක් වන රානී වීරසිංහ මහත්මිය පවසනුයේ හරියට කෑමක් නැතිව වැසිකිළියේ වතුර බී වහල් ජීවීතයක් ගත කළ බවයි.
‘සෞදි ඒජන්සිකාරයා ලංකාවේ සමහර සේවිකාවන් ආසාව සපුරාගන්න අරගත්තා මටත් කරදර කරන්න හැදුවා.වයස අවුරු හැටකට කිට්ටු ගෑනු කෙනෙකුයි මායි මිනිහට ගහලා ඉන් බේරුණා.තවත් බොහෝ පිරිසක් සෞදියේ දුක් විදිනවා.’