සර්වේසස් විදුහල්පතිගේ බැංකු ගිණුම් පිරික්සයි


බෞද්ධ සිසුන් අන්‍යාගමික කිරීමට තැත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර ශාන්ත සර්වේසස් විදුහල්පති නිමල්සිරි වනිගබදුගේ මහතා (52) අද මාතර මහේස්ත‍්‍රාත් උදේශ් රණතුංග මහතා ඉදිරියේ පෙනී සිටියේය. 2010 පැවැත් වූ බව කියන එවැනි වැඩමුළු සම්බන්ධයෙන් ඔහු ඇප මත මුදා හරිනු ලැබ සිටියි. ඔහුගේ විදෙස් ගමන් බලපත‍්‍රය ලබන 30 වැනිදා උසාවියට බාර දෙන ලෙස මහේස්ත‍්‍රාත් නියෝග කළේය. ඔහුගේ විදේශ ගමන් යළි දැනුම් දෙනතුරු තහනම් කරන ලෙස ආගමන හා විගමන පාලකට නියෝග කැරිණි. ඔහුගේ බැංකු ගිණුම් පිරික්සීමට පොලීසිය කළ ඉල්ලීමකටද ඉඩ ලැබිණි.