සරසවි සිසුහු වීදි බසිති


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා සම අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු කිඹුල්ලෑවේ චන්ද්‍රානන්ද හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් කැලණිය, ජයවර්ධනපුර, රුහුණ ආදී විශ්‍ය විද්‍යාල කිහිපයක් ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර පැවැත්විණි.

 කැලණිය සරසවියේ උද්ඝෝෂණය විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් ඇරැඹි අතර එහි සිට පෙළපාළියකින් මහනුවර- කොළඹ මහ පාරට පැමිණ විරෝධතා පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරත විය.