(ඉන්දිකා රාමනායක)
කොළඹ පුරහල අසල පැවැත්වූ සත්‍යග්‍රහයට ඊයේ(23) පොලිසිය එල්ල කළ ප්‍රහාරයට විරෝධය දක්වමින් අද(24) දහවල් වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුහු නැවතත් එම ස්ථානයේ විරෝධතාවක නිරත වෙමින් සිටිති.
සිසුන් පිරිස කණ්ඩායම් වශයෙන් පුරහල ආසන්නයට පැමිණි අතර ඔවුහු පොලිසිය කළ පහරදීමට විරෝධය පාති.
මේ හේතුව නිසා පුරහල සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ආසන්නයේ පොලිස් කණ්ඩායම් කිහිපයක් ද රඳවනු ලැබ සිටී.
(ඡායාරූප ඉෂාන් සංජීව)





