(ඉන්දිකා රාමනායක)
සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදුන සිසුන්ට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එල්ල කළ ප‍්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසම වෙත වාර්තාවක් බාර දී ඇත.
මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල පල වු වාර්තා සැලකිල්ලට ගෙන ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාගෙන් මෙම වාර්තාව කැඳවු බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා ලංකාදීපයට පැවසීය.
පොලිසිය මෙහෙදී බලය ඉක්මවා කටයුතු කර ඇති බවට පළ වු මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගෙන පොලිස්පතිවරයාගෙන් මෙම වාර්තාව කැදවා තිබුණි.
මෙම වාර්තාව අධ්‍යනය කර ලබන බ‍්‍රහස්පතින්දා දින කොමිසමේ කමිටු සාමාජිකයින් සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් පොලිස් කොමිසම වෙත කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැත.
සයිටම් ආයතනයට විරෝධය දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, භික්ෂු බල මණ්ඩලය හා වෛද්‍ය ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිව ඇතුළු සිසු සංවිධාන එක්ව ඉකුත් (21) පැවැත් වු විරෝධතා පාගමන අතරතුර සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් කඩා වැදී එහි දේපළ වලට හානි සිදුකර කරමින් සිටියදී පොලිසිය හා විශේෂ කාර්ය බලකාය එක්ව බැටන් ප‍්‍රහාර එල්ල කර විසුරුවා හැර තිබුණි.
මෙම ප‍්‍රහාරයෙන් සිසුන් 80 වැඩි පිරිසක් සහ පොලිසියේ 6 දෙනකු තුවාල ලැබුහ.

