(මහින්ද නිශ්ශංක)
විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ලියාපදිංචි කිරීමේ අවසන් දිනය ලබන ජූලි 7 වැනි දා දක්වා සතියකින් දීර්ඝ කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා පවසයි.
තැපැල් වර්ජනය නිසා විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ලියාපදිංචි කිරීමේ ලිපි මෙතෙක් ලැබී නොමැති බවට ලැබුණු පැමිණිලි මත මෙම තීරණය ගත් බව ඒ මහතා කියයි.
විශ්ව විද්‍යාල ප්‍රවේශ ලියාපදිංචි කිරීමේ දිනය හෙටින්(30) අවසන් වීමට නියමිතව තිබිණි.

