සරසවි ඇදුරන් 189 ක් කෝටි 93 ක් නැතිභංග කරලා


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

 විශ්වවිද්යාගල ආචාර්යවරුන් එකසිය අසූ නවදෙනකු පශ්චාත් උපාධි හැදෑරීම අතරමග නතර කිරීමෙන් රුපියල් කෝටි අනූතුනක  පමණ  පාඩුවක් රජයට සිදුව ඇතැයි  අධ්යායපන අමාත්‍ය  ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පසුගිය දෙදහස් දහය වසරේ සිට මේ දක්වා කාලය තුළ ආචාර්යවරුන් දෙදහස් හාරසිය පනස් හත් දෙනකු  ආචාර්ය උපාධි පාඨාමාලා හැදෑරීම සඳහා තෝරා ගෙන ඇති බව පැවසූ අමාත්යපවරයා උපාධි හැදෑරීම මෙසේ  අතරමඟ නවතා ඇත්තේ ඉන් පිරිසක් බවද සඳහන් කළේය.

ආචාර්යවරුන්ට පශ්චාත් උපාධි හැදෑරීම සඳහා වෙන් කර ඇති  සම්පූර්ණ මුදල රුපියල් කෝටි එක්දහස් එකසියයකට අධික බවද  ප්රේූමජයන්ත මහතා පැවසීය.

පශ්චාත් උපාධිය හැදෑරීම අතරමඟ නතර කළ විශ්වවිද්යාකල ආචාර්යවරුන්ගේ නාම ලේඛනය මෙහිදී අමාත්යිවරයා සභාවට ඉදිරිපත් කළේය.

 විශ්වවිද්යාඛල ආචාර්යවරුන් පශ්චාත් උපාධි පාඨමාලා අතරමඟ නතර කිරීමෙන්  විශාල මුදලක් රජයට අහිමි වී ඇතැයි තුෂාර ඉඳුනිල් මන්ත්රී්වරයා ප්ර ශ්නය යොමු කරමින් පැවසුවේය.