සරණගෙ ගෙදර නොතිසි අලවයි


රුපියල් කෝටි දෙක හමාරක කප්පමක් ඉල්ලා එය නොදුන්නැයි හොරම්පැල්ලේ තම ඉඩම් කොටස් දෙකකට නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා විසින් නීති විරෝධී ලෙස ගන්නා ලදැයි කියන කේවියට් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා නිල්පනාගොඩ ව්‍යාපාරික චින්තක පඬුවාවල මහතා මිනුවන්ගොඩ දිසා අධිකරණයේ නඩු දෙකක් පවරා ඇත. නියෝජ්‍ය ඇමැති උසාවියේ පෙනී නොසිටියේය.  ඔහුට සිතාසි බාරදීමට ද නොහැකිවූ බව පිස්කල් නිලධරයෝ කීහ.  අතිරේක දිසා විනිසුරු ඩී.ඒ. රුවන් පතිරණ මහතා නියෝග කෙළේ ආදේශික ක්‍රමය යටතේ ඔහු පදිංචි නිවසේ නොතිසි අලවන ලෙසයි.