සයිටම් විරෝධීහු නුවර සිට කොළඹට පයින් එති


‘සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය‘ සංවිධානය කරනු ලබන උද්ඝෝෂණය හා පා ගමන අද(31) පෙරවරුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ විය.

පේරාදෙණියේ සිට කොළඹ දක්වා දින පහක් පුරා පාගමනින් පැමිණෙන මෙම විරෝධතාවයට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයෝ, වෘත්තීය සමිති නියෝජිතයෝ, වෛද්‍ය පීඨ සිසුහු සහ දෙමාපියෝ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිති.