(අකිල බද්දෙවිතාන / ඡායාරූප - ශාන්ත රත්නායක)
මාලබේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රමුඛ සයිටම් විරෝධී ජන පවුර අද(21) අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළේය.
අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි, අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජික දුමින්ද නාගමුව, විදර්ශන කන්නන්ගර ඇතුළු පිරිසක් ඊට එක්ව සිටිති.
මේ ක්‍රියාමාර්ගයත් ආණ්ඩුව නොසලකා හරිනවානම් ඉදිරියේ දී විරෝධතා ගණනාවකට මුහුණ දෙන්න සිදුවන බව උපවාසය අරඹමින් අන්තරේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පවසා සිටියේය.





