(ඉන්දිකා රාමනායක)
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (08) උදෑසන 10ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අට්ටාලයේදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට නියමිතය.
මෙම සත්‍යග්‍රහය සඳහා පසුගිය අරගලවලදී මිය ගිය සිසුන්ගේ දෙමාපියන් ද එක්වීමට නියමිත බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පැවසීය.

