ඉන්දිකා රාමනායක
සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය අහෝසි කරන්නැයි ඉල්ලමින් වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ ශිෂ්‍ය පා ගමනක් කොළඹ නීති පීඨය අසලින් මීට සුළු මොහොතකට පෙර ගමන් ආරම්භ කළේය. ලිප්ටන් වටරවුම දක්වා ගමන් ගන්නා මෙම පා ගමන ලිප්ටන් වටරවුමට පැමිණ අනතුරුව අට්ටලයක් ගසා අඛණ්ඩ විරෝධයක් ආරම්භ කරන බව උද්ඝෝෂඛයෝ පවසති. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ තරමක වාහන තදබදයක් ද පවතී
ඡායාරූප ඉෂාන් සංජීව







