උපුල් හේරත්
තම මව්පියන්ගේ ජීවිත බිල්ලට නොදී වෛද්‍ය සිසු සිසුවියන්ගේ ගැටළුවට ස්ථීර විසැදුමක් දෙන්නැයි බල කරිමන් සයිටම් විරෝධී ජන පවුර සංවිධානය කළ විරෝධතාවක් අනුරාධපුර නව බස් නැවතුම් පොළේදී අද (4) පැවැත්විණි.වෛද්‍ය සිසු සිසුවියන්ගේ මාපිය සංගමයේ කඳවුරුම්කරු කියන ආර්. රාජපක්ෂ මහතා කියා සිටියේ ලබන 6 වැනි තෝරාගත් ස්ථාන රැසකදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. වෛද්‍ය සිසු සිසුවියෝ මාස 10ක කාලයක සිටි සයිටම් ආයතනයට විරෝධය පා පන්ති වර්ජනයක යෙදී සිටිති



