(රංජන් කස්තුරි)
සයිටම් ගැටළුව විසඳීම සඳහා මැදිහත් වන්නැයි තම සංගමය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුවරයාගෙන් ඉල්ලීමක් කළ බවත් කාදිනල්වරයා රය පිළිගත් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඳ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.
එම සංගමයේ නියෝජිතයින් පිරිසක් අද (04) කොළඹ අගරදගුරු නිල නිවසට ගොස් අගරදගුරුවරයා හමු වී සාකච්ඡාවක් කළ අතර එම සාකච්ඡාවෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව කීය.
“අපි පෙරේදා අස්ගිරි මහනායක හිමියන් හමු වී සාකච්ඡා කළා.සයිටම් ගැටළුව පිළිබඳ අපි නාහිමියන්ට කරුණු ඉදිරිපත් කළා.කිසියම් රෝගියකු පරීක්ෂා කරන වෛද්‍යවරයකු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සුපරික්ෂාවක් තිබිය යුතුයි.එසේ නැතිව අධ්‍යාපනය සඳහා රෝගීන් පරීක්ෂා කරන්නේනම් රෝගී අයිතිවාසිකම් කඩවිය හැකියි.“
“ ඩෙංගු තදින් පැතිර යමින් තිබෙන නිසා වර්ජනය නතර කරන ලෙස කාදිනල්වරයා අපගෙන් ඉල්ලුවා.මේ සියලු කාරණා සලකා බලා වර්ජනය සතියකින් කල් දැමීමට අපි තීන්දු කළා.ඒ වගේම ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් ඒ සඳහා කාදිනල්වරයා ගේ සහ කතෝලික සභාවේ සහාය ලබාදීමටත් එකඟ වුණා.“යැයි පාදෙණිය මහතා ප්‍රකාශ කරයි.

