සමූපේ සේප්පුව කඩයි


යක්කලමුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ උඩුගම ඉන්දන පිරවුම්හලේ වහළෙන් ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ 13 ක මුදලක් පැහැරගෙන ගොස් ඇතැයි පොලීසිය කියයි. මුදල් සේප්පුව විවෘත කැර ඇති ආකාරයට සොරකම සිදුකැර ඇත්තේ ඒ ගැන හොඳින් දන්නා අයෙකුයැයි සැකයක් පවතින බැවින් පරීක්ෂණ කටයුතු සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහය ද ලබාගත් බව පොලීසිය කියයි.