රත්මලාන තෙලවල වේරැස් ගඟෙන් සොයා ගත් මළ සිරුර කොළඹ ප්‍රධාන පෙළේ සමාගම ප්‍රාදේශිය කළමණකාරුවකු වන බොරලැස්ගමුවේ චමින්ද දිල්රුක්ගේ (33) බව පොලීසිය කියයි.
ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ධම්මික බණ්ඩාර මහතා පාළම අසලට ගොස් මුලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීය.
මළ ගෙදරක යන බව කියා බ්‍රහස්පතින්දා (07) රෑ නිවසින් පිටත් වු ඔහුගේ කාරය පාළම අසල නවතා තිබිණි.
වාහන ඇදිමට ගන්නා කැන්වස් පටියකින් ඔහුගේ සිරුර ටික වේලාවක් පාළමේ බාල්කයක එල්ලී තිබෙන්නට ඇති බවත් පසුව එය කැඩී ඔහු වතුරට වැටෙන්නට ඇති බවත් පොලීසීය මහේස්ත්‍රාත්වරයාට පැවසීය.
ඡායාරූප සිරිමහ බෙල්ලන






