සම්බන්දන් ලන්ඩනයේ


දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා පක්ෂයේ අරමුදල් තර කර ගැනීම සඳහා ලන්ඩනයට පැමිණ සිටියි.

ඔහු ලන්ඩනයේ වෙසෙන දෙමළ ජනයා සමග සාකච්ඡාවක්ද පැවැත්වීය.

මේ අතර සම්බන්ධන් මහතා ලන්ඩන් විදේශ අමාත්‍යංශයට ගොස් උතුරු පළාත් සභා ඡන්දය  සාධාරණව පැවැත්වීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට බලපෑම් කරන ලෙස ඉල්ලා සිටි බවත් දැනගන්නට ඇත.

උතුරේ මෙන්ම දකුණේද සිදුවෙතියි කියන මානව හිමිකම් කඩවීම් ගැන සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස ලංකා ආණ්ඩුවට බලපෑම් කරන ලෙස ද ඔහු ඉල්ලා ඇතැයි ලන්ඩන් ආරංචි කියයි.