සමසමාජ ”අරටුවක්” සමුගනී


ලංකා සමසමාජ පක්‍ෂයේ ආරම්භක සාමාජිකයකු මෙන්ම න්‍යායාචාර්යවරයා ද වූ හෙක්ටර් අභයවර්ධන මහතා (90) අභාවප‍්‍රාප්ත විය. හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුසලා අභයවර්ධන මහත්මියගේ සැමියා වූ ඔහු සම සමාජය පක්‍ෂයෙන් පළ කළ නේෂන් පුවත්පතේ කර්තෘ ලෙස ද කටයුතු කළේය. වත්මන් සමසමාජ මූලස්ථානය පිහිටි ගොඩනැගිල්ල ලබා ගැනීමට ද මූලික වී කටයුතු කළේ හෙක්ටර් අභයවර්ධන මහතාය. සමසමාජ ඉතිහාසය පිළිබඳව ප‍්‍රාමාණික උගතකු වූ අභයවර්ධන මහතා සම සමාජ පාක්ෂිකයන්ගේ ගෞරවාදරය දිනා ගත් විද්වතෙකි.