සභාපති සීටීම පරීක්ෂණයට බාධාවක්


අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි මහතාට එරෙහිව එල්ල වී ඇති දුෂණ චෝදනා විමර්ශනය විනිවිද භාවයකින් යුතුව පැවැත්වීම සහතික කිරීම සඳහා පරීක්ෂණ අවසන් වනතෙක් ඔහු සභාපති තනතුරෙන් ඉවත්කරන්නැයි ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබේ.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශනය සඳහාම පත්කර ඇති ආයතනයේ සභාපතිට එරෙහිව මෙවැනි පැමිණිල්ලක් ඉදිරිපත්වීමත් ඔහු සභාපති ලෙස සක‍්‍රීය සේවයේ තබාගැනීම කොමිසමේ හා රජයේ කීර්ති නාමයට අපකීර්තියක් බවත් එහි දැක්වේ.