සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් අද (25) පැවැත්වූ 10 සහ 11 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර දෙකක ගැටළු මතුවීමෙන් සිසුන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියයි.
11 ශ්‍රේණිය සිසුන් සඳහා ලබා දුන් භූගෝල විද්‍යාව දෙවැනි පත්‍රයේ පළමු කොටසේ පළමු ප්‍රශ්නයේ සිතියමක් ආශ්‍රයෙන් පිළිතුරු සැපයීමට ලකුණු 10 ප්‍රශ්නයක් දී තිබුණත් ඒ සඳහා සිතියමක් තිබී නැත.
එහි හතරවැනි ප්‍රශ්නයේ ද රූප සටහනක් ආශ්‍රයෙන් පිළිතුරු ලිවීමට තිබුණත් එහිද රූප සටහන් දී නොතිබිණි.
11 ශ්‍රේණිය සිසුනට ලබා දුන් පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්න පත්‍රයේ 21 වැනි ප්‍රශ්නයේ සිට 30 වැනි ප්‍රශ්නය දක්වා නොගැලපෙන ප්‍රකාශ තෝරා හිස්තැන් පුරවන්නැයි යනුවෙන් ඇති බවත්, ඒවාද ගැටළු සහගත බවත් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
මේ අතර උතුරුමැද පළාතේ අද පැවැති පෙරදිග සංගීතය ප්‍රශ්න පත්‍රයේ හය ශ්‍රේණියට අදාළ ප්‍රශ්න කිහිපයක් ලබා දී ඇතැයි ද ප්‍රනාන්දු මහතා පවසයි.

