උඩවලව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිම් වලවේ නදියට සමාන්තරව සඳගලතැන්නේ කාලයක් තිස්සේ පතල් 200ක් කපා මැණික් ගරා ඇතැයි තණමල්විල පොලිසිය පවසයි.
අඟහරුවාදා (6) කාලයේ ඉතා රහසිගමව උඩවලව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමෙන් ඇතුළු වූ විශේෂ පොලිස් කණ්ඩායමකට මෙම පතල් හමු වූ බව පොලිසිය කියයි.
මෙයට අමතරව නිදන් හාරන ලද චෛත්‍ය තුනක් හා විනාශ කර දමන ලද විශාල බුදුපිළිමයක කොටස් ද සොයා ගැනීමට පොලිසිය සමත් විය.
දැඩි ආරක්ෂාවක් යටතේ පවතින ජාතික වනෝද්‍යානයක විශාල වශයෙන් අනවසර පතල් පැවතීම විශාල ගැටළුවක් බවත්, ඇතැම් පතල් අවුරුදු තුනකය වඩා පැරණි බවත්, මෙය කාලයක් මුළුල්ලේ ඉතා සූක්ෂමව කරගෙන ගොස් ඇති බවත් මෙම ජාවාරමට සෘජුවම වනජීවී නිලධාරීන්ගේ සම්බන්ධයක් ඇත්දැයි සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක් සිදු කරගෙන යන බවත් උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
වැටලීමෙන් සැකකරුවන් කිසිවෙන් අත්අඩංගුවට ගෙන නැත.