සන්ධානය, සන්ධානය ගහ ගනී


මධ්‍යම පළාත් සභා ඡන්දය ආරම්භ වීමටත් පෙර පළමු ප්‍රචන්ඩ ක්‍රියාව මින් මද වේලාවකට පෙර නාවුල නගරයෙන් වාර්තා විය.

සන්ධානයේ පළාත් සභා අපේක්ෂකයන් දෙදෙනෙකු අතර මේ ගැටුම ඇති වූ බවත් එය වාර්තා කිරීමට නාවුල පොලිසියට ගිය විද්‍යුත් මාධ්‍යෙව්දී අසිත දර්ශන මහතාටද මැර ප්‍රහාරයක් එල්ල වූ බවත් වාර්තා විය.

ප්‍රමිත බංඩාර තෙන්නකෝන් මහතා ගමන් කළ රිය නාවුල නගරයේදී හරස් කළ සන්දානයේම පිරිසක් ඔහුට පහර දී ඔහුගේ වාහනයටද අළාභ හානි කර ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.

දෙපාර්ශවයම පොලීසියට රැගෙන ගිය බව පොලීසිය කියයි.

ප්‍රමිත තෙන්නකෝන් ජනක බංඩාර ඇමතිගේ පුත්‍රයාය.