සන්ධාන පෙළපාලියෙන් ජනපති කතාවටත් බාධා


මාතලේ එඩ්වර්ඩ් ක්‍රීඩාංගනයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතලේ දිස්ත්‍රික් ප්‍රචාරක රැලිය අමතා සේනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සෙනසුරාදා කතා කරද්දී බෙරහඩ සහ ජයඝෝෂා නගමින් එහි පැමිණි පෙලපාලියක් නිසා ජනපති කතාව අතර මග නතර කළේය.

රැලිය අමතමින් සිටි ජනාධිපති මේ හඩ ඇසී ‘කඨින පිංකමක් මේ පලාතේ තිබෙනවාද හාමුදුරුවනේ‘ යනුවෙන් එහි පසෙකින් වැඩ සිටි භික්ෂූන් වහන්සේලාගෙන් ඇසීය.

‘ඔය ගාය එදා අපටත් තිබුණා‘ ජනපති කීවේය.

ජනාධිපතිතුමා ජනතාව අමතනවා ඔය පෙලපාලිය නතර කරන්න යැයි නිවේදක කිහිපවරක් ඉල්ලීම් කළේය.

ඡන්ද අපේක්ෂක ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පෙරටුකරගත් දඹුලු ජනතාවගේ පෙළපාලි එසේ බෙරගහගෙන පෙළපාලියෙන් ආවේය.