බාල වයස්කාර දරුවන් තිදෙනකු කලක සිටම අපයෝජනය කළැයි නුවරඑළියේ සන්ධානයේ ප්‍රාදේශිය දේශපාලනඥයකු ගැන පැමිණිළි ලැබී ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශය කියයි.
නුවරඑළිය මහෙස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා වෙත අද (16) එම ළමයින් ඉදිරිපත් කළ බවත් ඔවුන් සමඟ ඔවුන්ගේ මව්පියන්ද මහෙස්ත්‍රාත් නිල නිවසට කැඳවාගෙන ගිය බවත් දැනගන්නට ඇත.
එම ළමයි වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම සඳහා කොළඹට රැගෙන එනු ලැබුහ.
අවිවාහකයකු වන ප්‍රාදේශිය දේශපාලනඥයා (45) නුවරඑළියෙන් බැහැරව සිටින බව පෙනේ යැයි පොලිසිය කියයි.