
(යොහාන් භාසුර)
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පහක මිල අද (23) සිට වහාම අඩු කළ බව ලංකා සතොස උසස් නිලධාරියකු පැවසීය.
ඒ අනුව පොන්නි සම්බා සහල් කිලෝවක් රුපියල් 21 කින් අඩු කරමින් රුපියල් 194 ක් දක්වා ද, පරිප්පු කිලෝවක් රුපියල් 25 කින් අඩු කර රුපියල් 460 ක් දක්වා ද, හාල්මැස්සන් කරවල කිලෝවක් රුපියල් 25 කින් අඩු කර රුපියල් 1,375 ක් දක්වා ද, ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 2 කින් අඩු කර රුපියල් 198 ක් දක්වා ද, දුඹුරු සීනි කිලෝවක් රුපියල් 2 කින් අඩුකර රුපියල් 310 ක් දක්වා ද, මිල පහත දැමූ බව නිලධාරියා වැඩිදුරටත් කීය.

