සති අන්තයේ බදුල්ලට අලුතින් සැප දුම්රියක්


(නිමල කොඩිතුවක්කු)

කොළඹ සහ බදුල්ල අතර නගරාන්තර අධි සුඛෝපභෝගී දුම්රියක් එළඹෙන සති අන්තයේ සිට සෑම සෙනසුරාදාවකම ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

ඒ අනුව සෑම සෙනසුරාදාවකම පෙ.ව.05.30 ට කොළඹ කොටුවෙන් පිටත්වන නව “ඇල්ල ඔඩෙසි” අධි සුඛෝපභෝගී දුම්රිය පස්වරු 3.55 ට බදුල්ලට ලඟා වීමට නියමිතයි.

ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල, රඹුක්කන, පේරාදෙණිය, මහනුවර, නාවලපිටිය, නානුඔය, හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල,ඇල්ල සහ බදුල්ල යන දුම්රිය ස්ථානවල මෙම දුම්රිය නවත්වනු ඇත.

සෑම ඉරිදා දිනකම බදුල්ලෙන් පෙ.ව.09.50 ට පිටත්වන දුම්රිය රාත්‍රී 07.20 ට කොළඹට ලඟා වනු ඇත.

දුම්රිය ගමන අතරතුර හමුවන ආකර්ෂණීය නැරඹුම් ස්ථාන වල දුම්රිය නවත්වන බවත් දුම්රිය ප්‍රකාශකයකු සඳහන් කළේය.