සත්කාරත්වයේ වාසියත් සමග අවසන් පූර්ව තරගයට එනවා
කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ශ‍්‍රී ලංකාවේ පැවැත්වීම ලොකු වාසියක් බවත් සත්කාර පිල හැටියට පළමුවෙන්ම අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට බලාපොරොත්තු වන බවත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායිකා ශෂිකලා සිරිවර්ධන පැවසුවාය.
තෙවැනි කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර හෙට (26) පෙරවරු 9.30 සිට ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී අද (25) පෙරවරුවේ පැවැති අවසන් පුහුණු සැසියෙන් පසුව ‘ලංකාදීප’යට අදහස් දක්වමින් ශෂිකලා මෙසේ ද පැවසුවාය.
”ලෝක කුසලාන වෙනුවෙන් කණ්ඩායමක් හැටියට මාස එකහමාරක් පමණ විශේෂ පුහුණුවක් ලැබුවා. එහිදී පුහුණු තරග රැුසකට සහභාගිවීමෙන් මානසිකව සහ ශාරීරිකව හො`ද තත්ත්වයක ඉන්නවා. අපි දකුණු අප‍්‍රිකාවට එරෙහිව විස්සයි20 තරගය ජයග‍්‍රහණය කර තිබෙන නිසා ඔවුන්ගේ දුර්වලතා සහ හැකියාවන් පිළිබ`දව හො`ද අවබෝධයකින් යුතුව පළමු තරගයට සූදානමින් සිටිනවා”
පළමු වටයේදී ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව, එංගගන්තය සහ පාකිස්තානය ‘ඒ’ කාණ්ඩයේ ද, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව ‘බී’ කාණ්ඩයේ ද තරග කරයි.
කණ්ඩායම් අටක් තරග කරන පළමු වටයේ තරග ඔක්තෝබර් මස 1 වැනිදා අවසන් වේ. අවසන් පූර්ව තරග ඔක්තෝබර් මස 4 සහ 5 දෙදින සහ අවසන් මහ තරගය ඔක්තෝබර් මස 7 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

