(හේමන්ත රණසූරිය)
ඇතකු සමග පැවැති ද්වන්ද සටනකින් පරාජයට පත්ව කුඹුරක වැටී සිටියදී සහසිකයකු විසින් එක් දළක් කපාගෙන ගිය මහේශඛ්‍ය ඇත් රජු අද අලුයම මියගිය බව අනුරාධපුර වනජීවි පශු වෛද්‍ය නිලධාරී චන්දන ජයසිංහ මහතා පවසයි.
ද්වන්ධ සටනික් පරාජයට පත් වූ මෙම ඇත් රජු කැබිතිගොල්ලෑව තිත්තගෝනෑව මොරඔය කුඹුරක වැටී සිටියදී ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමකට අනුව වනජීව පශු වෛද්‍යවරු ප්‍රතිකාර ඇරැඹූය.
දින 20ක පමණ කාලයක් පුරා ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරදින කිසියම් සහසිකයකු පොරවකින් ගසා මෙම ඇත් රජුගේ දළක් කපාගෙන ගොස් තිබුණි.
ඒ හේතුවෙන් දැඩිව ගිලන්ව සිටි මෙම ඇතා අද උදෑසන මියගිය බව ද පශු වෛද්‍යවරු කියති.
දින 20කට ආසන්න කාලයක් ඇතාට නොකඩවා ප්‍රතිකාර කිරීම සිදු කළ බව වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසයි.