සටන් විරාම ගිවිසුම සම්පූර්ණයි


ඉරානය සමග ඇති කරගත් සටන් විරාම ගිවිසුම දැන් සම්පූර්ණයෙන්ම සාර්ථක බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ, සිය ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි.

සමස්ත ලෝකවාසීන්ටම සුබපැතුම් එක් කරමින් ට්‍රම්ප් කියා සිටියේ, මෙම සාම එකඟතාවයත් සමඟ මැදපෙරදිග කලාපයේ පැවැති දැඩි යුදමය ආතතිය නිමාවට පත්ව ඇති බවය. 

සාම ගිවිසුමේ ප්‍රධාන පියවරක් ලෙස, මින් ඉදිරියට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා කිසිදු මුදල් ගෙවීමකින් තොරව නිදහසේ යාත්‍රා කිරීමට තමන් පූර්ණ අවසරය ලබාදෙන බව ද ට්‍රම්ප් පැහැදිලි කර ඇත.

ඉරාන මුහුදු කලාපය ඉලක්ක කරමින් ක්‍රියාත්මක වූ අමෙරිකානු නාවික හමුදා අවහිරතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ගැනීමටද තමන් නියෝග කළ බවද ට්‍රම්ප් ජනපතිවරයා පවසා ඇත.