ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර, අපේක්ෂකත්වය තහවුරු කිරීම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් එජාප විශේෂ පක්ෂ සම්මේලනයේදී අද (03) සිදු කරන ලදි.
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන විශේෂ මහ සම්මේලනයේදී මෙම ප්‍රකාශ කිරීම සිදු කෙරිණි.
පක්ෂයේ මහලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සම්මේලනයේ යෝජනා ඉදිරිපත් කළ අතර , අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම යෝජනා ස්ථිර කළේය.

