(නිමල කොඩිතුවක්කු)
ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ අපේක්ෂකත්වය තහවුරු කිරිම සදහා වන විශේෂ පක්ෂ සම්මේලනය සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේදී හෙට(3) උදෑසන 9.00 සිට පැවැත්වේ.
එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාතය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ මහා සම්මේලයේදී සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ඒකමතිකව සම්මත කර ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාතය සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී අනුමැතිය පළවිය.
එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව අනුව කෘත්‍යාධිකාරි මන්ඩළය අනුමත කළ අපේක්ෂකයාගේ අපේක්ෂකත්වය පක්ෂය විසින් කැදවන මහා සම්මේලනයකදී තහවුරු විය යුතුවේ.
එක්සත් ජාතික පෙරමුණේ සියලුම පක්ෂ නායකවරු හෙට පැවැත්වෙන විශේෂ පක්ෂ සම්මේලනයට සහභාගී වෙති.
සුගතදාස ගාහස්ථ ක‍්‍රිඩාංගනයට ඇතුළු කර ගත හැකි වන පරිදි උතුරු නැගෙනහිර පළාත් ඇතුලූව දිවයිනේ සියලූම ආසන නියෝජනය වන ලෙස සීමා සහිත පක්ෂ සාමාජික පිරිසක් සම්මේලනයට සහභාගි කරවා ගැනෙති.

