(ළහිරු හර්ෂණ)
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් අද (04) මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත් කෙරිණි.
අමාත්‍යවරුන් වන සුජීව සේනසිංහ, අජිත් පී පෙරේරා යන මහත්වරු සහ පක්ෂයේ ලේකම් ෂර්මිලා පෙරේරා මහත්මිය ඇතුළු පිරිසක් ඒ වෙනුවෙන් කොමිසමට පැමිණ සිටියහ.


