සඟවා තිබූ මත්පැන් තොගයක් සමග අයෙක් දැලේ


(චමිල් රුපසිංහ)

මහනුවර ඇසළ පෙරහැර සමයේ මහනුවර නගරයේ හා ඒ අවට බෙදා හැරීම සඳහා සූදානම් කර තිබූ බව කියන නීතී විරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මහනුවර සුරාබදු කාර්යාලය පවසයි.

මහනුවර ඇසළ පෙරහැර පැවැත්වෙන දිනවල මහනුවර නගරයේ හා ඒ අවට ප්‍රදේශ රැසක සුරාසැල් වසා තැබේ.

හතරලියද්ද ප්‍රදේශයේ සංඝරාජ පුර වල්පලාගොල්ල  නිවසක් පිටුපස සූක්ෂම ලෙස ඉදි කර තිබු බංකරයක සඟවා තිබී මෙම මත්පැන් තොගය හා ඒවා පෙරීමට උපයෝගි කරගත් උපකරණ සොයගනු ලැබ ඇත.

මෙම නිති විරෝධි මත්පැන් බංකරය තුළ සගවා ස්ප්‍රීතු බෝතල් 75 ක් තිබූ බවත් ඒවා මගින් මත්පැන් බෝතල් 300 ක් පමණ සකස් කළ හැකි බවත් මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් ගාමිණී අධිකාරී මහතා පවසයි.