විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු ජනරැළියට පෙර ඔහුට සෙත් පැතීමට වැඩමවන 500ක් වූ මහා සංඝරත්නය වෙනුවෙන් ඉදිකළ ආවරණය අද (29) සවස හදිසියේම ගලවා ඉවත් කැරිණි. ඉරිදා (30) පැවැත්වෙන ජනරැළිය ආරම්භකිරීමට පෙර පොළොන්නරුව ගල්විහාරය ඉදිරිපිට දී සෙත් පැතීමේ පිරිත් දේශනයක් ඇතුළු ආගමික වතාවත් පැවැත්වීමට මේ ආවරණය ඉදිකළැයි දැනගන්නට ඇත. පොළොන්නරුව ගල් විහාරයේ හිමිනමක් කියා සිටියේ ආවරණය ලබාදුන් ආයතනයේ දැනුම් දීමකට අනුව එය යළි ගලවා ඇති බවයි. ආවරණය නොමැතිව වුව ද උත්සවය පැවැත්වීමට සියලු විදි විධාන යොදා ඇතැයි දැනගන්නට ඇත.


