(චාපා මධුභාෂිණී)
පවුල් ආරවුලක් දුර දිග යාමෙන් මැදිරිගිරිය ප්‍රා දේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ සංවර්ධන නිලධාරිනියකට ඇගේ සැමියා විසින් මැදිරිගිරිය විහාරමාවත මාර්ගයේදී තියුණු ආයුධයකින් පහරදී ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
තියුණු ආයුධ පහරින් තුවාල ලැබූ සංවර්ධන නිලධාරීනිය බරපතළ තුවාල ලබා මැදිරිගිරිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රිතිකාර කටයුතු සදහා පොලොන්නරුව මහරෝහල වෙත මාරුකර යවා ඇතැයි පොලිසිය කියයි.
මෙම නිලධාරිනිය ඒක්දරු මවක වන අතර කලක පටන් මොවුන් දෙදෙනා අතර ආරවුලක් පැවත ඇති අතර මෙම නිලධාරිනිය අද 30 වන දින මැදිරිගිරිය පොලිසියට පැමිණ පැමිණිල්ලක් සිදු කොට නැවත තවත් නිලධාරිණියක සමග නිවස බලා යමින් සිටියදී ත්‍රි රෝද රථයකින් පැමිණි බව කියන සැමියා මොවුන් ගමන් කළ බව කියන යතුරුපැදිය නවතා තියුණු ආයුධයකින් ඇයට පරදී ඇතැයි පොලිසිය කියයි.
ඇයට පහරදී තුවාල සිදු කළ බව කියන පිහිය ඒම ස්ථානයේ තිබී පොලිසිය සොයාගෙන ඇති අතර ඇගේ සැමියා මේවනවිට ප්‍ර දේශයෙන් පලා ගොස් ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා මේනවිට විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි පොලිසිය කීය.
මැදිරිගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ඒ්.ඒල් විතානගේ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ෂණ සිදු කරති.

