අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු සංජීව බණ්ඩාරගේ ඇප කොනදේසි ඉවත් කළ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඔහු ලබන 10 වැනිදා තෙක් රිමාන්ඩ් කළේය.
ඇප පිට සිටියදී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සිසුන් සමඟ උද්ඝෝෂණයක් පවත්වමින් රජයේ දේපළට අලාභහානි කළැයි ඔහුට එරෙහිව පොලීසිය උසාවියට මීට පෙර කරුණු දක්වා තිබිණි.