සංජීව කවිරත්න අලි සංගායනාවක් ඉල්ලයි


පක්ෂය ගොඩ ගැනීමට නම් එක්සත් ජාතික පක්ෂ නායකයින් එක්වී  පක්ෂ සංගායනාවක් පැවැත්විය යුතු යැයි මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සංජීව කවිරත්න මහතා එසැණට පැවසීය.

අත්දැකීම් බහුල  පක්ෂ නායකයින් සහභාගී කරවාගෙන පෞද්ගලික  න්‍යාය පත්‍ර පසෙකලා  පක්ෂය ශක්තිමත් කිරීම උදෙසා කටයුතු කළයුතු බව මෙවර මැතිවරණයේ ප්‍රතිඵල වලින් පෙනෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.