සංචාරයට සුදුසුම රට සිරි ලංකාවයි


1983 සිට 2009 දක්වා පැවැති යුද්ධයෙනුත්, 2004 සුනාමියෙනුත් බැට කෑ ශ්‍රී ලංකාව සංචාරය සඳහා හොඳම රටකියි ද, වැය කරන මුදලට හොඳම වටිනාකමක් ලැබෙතියි ද ලෝන්ලි ප්ලැනට් සංචාරක ආයතනය කියයි. සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු වී සංචාරකයන් වැඩිපුර එන බවත්, මිල ගණන් ඔරොත්තු දෙන බවත් එම ආයතනය කියයි. සංචාරය කළ යුතු හොඳම රටවල් දහයේ මුලටම ශ්‍රී ලංකාව පත්වී සිටියි. මොන්ටිනීග්රෝ, දකුණු කොරියාව, ඉක්වදෝරය, ස්ලෝවැකියාව, සොලමන් දුපත්, අයිස්ලන්තය, තුර්කිය, ඩොමිනිකා ජනපදය හා මැඩගස්කරය සෙසු රටවල් වෙයි.