සංචාරකයෝ පිරිසක් අලින්ටත්, වැස්සටත් කොටු වෙති
මින්නේරිය වැවේ පෝෂණ ගංගාවක් වන කිරිඔයෙන් එගොඩ වී අලි බලන්නට ගිය වනජිවී නිලධරයන් දෙදෙනකු ඇතුළු සංචාරකයන් 25 දෙනකු හදිසියේ ඇද හැලුණු මහා වැස්සටත්, අලින්ටත් කොටු වී ඇතැයි වනජිවි නිළධරයෝ කියති.
ඇඳිරි වැටීමත් සමග ඇති වූ වැස්සෙන් කිරිඔයේ ජලමට්ටම ඉහළ යෑම නිසා ඔවුන් ගමන් ගත් ජීප් රථ මෙගොඩට ගැනීමට නොහැකි වී ඇතැයි ද අලින් ද ඒ අසල ගැවෙසෙන බව කියයි.
මොවුන් අතර විදේශිකයෝ 16 දෙනෙක් සිටිති. ඔවුන් හෙළිකොප්ටර් මගින් මෙගොඩට රැගෙන ඒමට නොහැකිවී ඇත. ඊට හේතුව අයහපත් කාලගුණය බවත් නිළධරයෝ කියති. මාස කිහිපයක් තිස්සේ පැවැති නියඟය නිසා මින්නේරි වැව දිය කඩිත්තක් වී තිබිණි.

