මොරටුව පිටකොටුව බසයක ගමන් ගත් සී ෂෙල්ස් ජාතිකයකු සතු රුපියල් 11,34,000 ක් වටිනා ඇමෙරිකා ඩොලර් අඩංගු මුදල් පසුම්බිය සොරකම් කළැයි කියන තිදෙනෙක් ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් රංගජීව විමලසේන මහතා විසින් ලබන 05 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
එම විදේශිකයා මීට මාස පහකට පමණ පෙර ගල්කිස්ස පොලීසියට කළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකුගෙන් ලැබුණු තොරතුරක් ඔස්සේ පරීක්ෂණ පවත්වා ඇමෙරිකා ඩොලර් දෙදහස් එකසීයක් හා විදේශිය මුදල් හුවමාරු කිරීමෙන් ලබා ගත් රුපියල් ලක්ෂයක් සැකකරුවන් සන්තකයේ තිබී සොයා ගත් බව පොලීසිය කියයි.
පානදුරේ ඉන්දික ජෙරාඩ් සංජිව ප්‍රනාන්දු , කළුතර තොටගේ මංජුල ප්‍රනාන්දු හා රත්මලානේ දර්ශන සාරංග රත්ගමගේ රිමාන්ඩ් කළ අය වෙති.