අභයගිරි විහාරයේ වළගම්බා රජ සමයේ සිට පැවැත්වෙන සංඛ පද්ම භෛරව දේවතාවුන් උදෙසා වාර්ෂික පූජා මංගල්‍යය මෙවරත් පැවැත්විණි.
වළගම්බා මහ රජු රට එක්සේසත් කිරීමෙන් අනතුරුව අභයගිරි දාගැබ ගොඩ නැගීමට වැඩ ඇල්ලූ අවස්ථා රැසක්ම කඩා කප්පල් වූ බවත්, ඊට හේතුව දිවා කාලයේ දී කරන ලද ඉදිකිරීම් රාත්‍රී කාලයේ දී කිසිවකු විසින් කඩා බිඳ දැමීම බවත්, මෙය සිදු කරන ලද්දේ ඉන්දියාවෙන් පැමිණි සංඛ හා පද්ම යන භෛරවයන් දෙදෙනා විසින් යැයි සොයා ගත් රජු ඔවුන් වෙනුවෙන් පූජාවක් පැවැත්වූ බවත් ඉතිහාසයේ සඳහන්ය.
එම පූජාවලින් පසු චෛත්‍යයේ වැඩ ඉක්මන් වූයෙන් එම භෛරවයන් දෙදෙනා වෙනුවෙන් සෑයේ දකුණු දොරටුවේ දේවාල දෙකක් ඉදි කළ බවත්, එදා සිට අද දක්වා භෛරව පූජා පැවැත්වෙන බවත් කියති.
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි අභයගිරි විහාරාධිකාරී කල්ලංචියේ රතනසිරි නාහිමියෝ සහ දායක සභාව මෙවර පූජාව සංවිධානය කළහ.