සංක්‍රමණිකයන් 64ක් මාට්ටු


(ඉන්දිකා රාමනායක සහ අමදෝරු අමරජීව)

බහුදින යාත්‍රාවකින් විදෙස් රටකට පලා යාමට උත්සහ කළ නීති විරෝධී සංක්‍රමනිකයන් 64 දෙනකු  ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.

මෙම පිරිස අතර පිරිමි පුද්ගලයන් 50 දෙනකු,කාන්තාවන් 11 දෙනකු හා කුඩා දරුවන් තිදෙනකු සිටි බව නාවික හමුදාව කියයි.

නාවික හමුදාj  ත්‍රිකුණාමලට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසියක දී මෙම සැකකටයුතු බහුදින යාත්‍රාව නිරීක්ෂණ වී ඇති අතර, එය පරීක්ෂාවට ලක් කිරීමේ එහි සිටි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් සියලු දෙනා ත්‍රිකුණාමලය, යාපනය හා මුලතිව් යන ප්‍රදේශයවල පදිංචිකරුවන් බවද නාවික හමුදාව පවසයි.